දේශපාලන පුවත්

අභිනව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා ජනපතිගේ ප්‍රධානත්වයෙන්

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා (19) පැවැත්වේ.

උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර කැබිනට් රැස්වීම සෞඛ්‍ය නිරෝධායන රීතිවලට මුල්තැන දෙමින් පැවැත්වීමට තීරණය කර තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව අමාත්‍යවරුන් අතර මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂබීජහරණය කිරීමද අනිවාර්ය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පත් කෙරුණු අතර ඔවුන් ඉකුත් 12 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාළිගා පරිශ‍්‍රයේ මගුල් මඩුවේදී දිවුරුම් දෙනු ලැබුහ.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුද අමාත්‍යාංශ ලේකම්වරුන් 29 දෙනෙකුද මේ වනවිටත් පත්කර අවසන්ව ඇත.

මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සදහා වන පති‍්‍රකාවක් පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button