දේශීය පුවත්
අපේක්ෂා රෝහලේ බෙහෙත් නෑ – ෆාමසියෙන් ගන්නවානං පෙත්තක් රු.875 යි – දවස් 30 ට රු. 26,250 යි

අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා ලබා දෙන, ඇරබිඩෙක්ස් නම් ඖෂධය එම රෝහලේ නැති බව මාධ්‍ය වාර්තා කරයි.
පෙත්තක මිල රු.875 ක් වන මෙම ඖෂධය, දවසට එක බැගින් මාසයක් ලබා ගැනීමට රු.26,250 ක් වැය වේ.

පිළිකාව පැතිර යෑම වැළැක්වීම සදහා දෙනු ලබන මෙම ඖෂධයට අමතරව, තවත් ඖෂධ බොහෝ ප‍්‍රමාණයක හිගයක් මහරගම අපේක්ෂා රෝහලේ පවතින බව පැවසේ.
උපුටා ගැනීම – headlinenews