දේශපාලන පුවත්
අපේක්ෂකයන්ට ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීම තහනම් කරයි

මහ මැතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය ආයාචනා කරමින් ගෙයින් ගෙට යාම තහනම් කර පොලිස් මුලාස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වෙනත් පුද්ගලයින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ප්රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යාම උදේ 7 සිට රාත්රී 8 දක්වා සීමා කර තිබෙනවා.
තවත් කරුණු කිහිපයක් ඇතුළත්ව නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහතින්.