දේශීය පුවත්

අද සිට කොවිඩ් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට – යුද හමුදාපති

මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ නැවත අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

AV Rase

මෙසේ හඳුනා ගනු ලබන පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සිය නිවෙස් තුලම රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button