විදෙස් පුවත්

අද, ලොව වැඩිම ආසාදිතයන් රුසියාවෙන්

කොරෝනා වසංගතයට මුහුණදී සිටින යුරෝපා සංගමයේ රටවල් නැවත ගොඩනැගිම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 825 ක සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම  යෝජනා කර තිබෙනවා.

මේ අතර පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සමාජ දුරස්ථ භාවය පිළිබඳ  නීතිය ජූනි මස අග දක්වා දීර්ග කිරීමටයි ජර්මනිය තීරණය කර ඇත්තේ.

පසුගිය දිනවල වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තාවූ ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ඉතාලිය යන රටවලින් අද දිනයේ මේ දක්වා කිසිදු ආසාදිතයෙකු  හෝ මරණ වාර්තා නොවීම ද විශේෂත්වයක්.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 5,710,874 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව දැක්වෙන්නේ 352,872 ක් ලෙසයි.

අද දිනය තුළ වැඩිම ආසාදිතයන් පිරිසක් සහ මියගිය සංඛ්‍යාව වාර්තාවී ඇත්තේ  රුසියාවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button