තරු හුට පට

“අද අපි හරියට දවස් පඩි කාරයෝ වගේ” අනුරාධා කියූ කතාව

ටෙලි නාට්‍යය සිනමාව විතරක් නෙවෙයි වේදිකාවත් හරි අපූරුවට ජයගත් ඇය 90 දශකයේ බිහි වුණු ජනප්‍රිය සුන්දර ආදරණීය චරිතයක් වගේම අපූරු නර්ථන ශිල්පිනියක වන වන,

අහම්බෙන් රංගනයට පිවිසෙන්නට වරම් ලැබූ ඇය නම් වෙන කවුරුත් නෙවෙයි, සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනිය “අනුරාධා උදයංගනී” යි.

පවුලේ එකම දරුවා විදියට රංගන ක්ෂේත්‍රයට ඇවිත් අද වෙද්දී ලස්සන ජීවිතයක් ගත කරන අනුරාධාගේ ආදරණීය සැමිය තමයි, රාජ්‍ය ආයතනයක මාධ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු‍ විදියට සේවය කරන “භරිත වික්‍රමාරච්චි” කියලා කියන්නේ.

ඉතින් අනුරාධා කියනවා, “ඇගේ ආදරණීය සැමියා භරිත, ඇගේ කලා ජීවිතේට ලොකූ සහයෝගයක් ලබා දෙනවා” කියලා. ඔන්න ඉතින් ඉදිරියේ දී අනුරාධා රංගනයෙන් හරි අපූරුවට දායක වුණු ටෙලි නිර්මාණයන් කිහිපයක්ම ඇයට ආදරය කරන ඔයාලට නරඹන්නටත් පුලුවන්.

“සොමි බෝයිස්, රෝස පැටික්කි, උයනට මල් ගේන්න” වාගේ අපූරු චිත්‍රපටයන් වලට වගේම, “දෙබඩි, කල්වාරියේ දෝන්කාරය” වගේ වේදිකා නාට්‍යයන්වලටත් හරි අපූරුවට රංගනයෙන් දායක වුණු අනුරධාට, වසන්ත ඔබේසේකරයන්ගේ “සලෙළු වරම” සිනමා පටය වෙනුවෙන් ආරාධනා ලැබුණා වුණත්, ඒකට ඇයට දායක වෙන්න බැරි වුණු එකට අදටත් ඇය කණගාටු වෙනවලු.

“අද වෙද්දී ගොඩක් දෙනෙක් “මෙගා නාට්‍යය”න් වල රංගනයට කැමැත්තක් දක්වන්නේ නෑ කියලත්, ඕනම රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට ලැබෙන චරිතය ඒ තුළ කරන්න පුලුවන් දේ මොකද්ද?

ඒකත් එක්ක ඉන්න අනිත් කලාකරුවන් අධ්‍යක්ෂවරයා තිරපිටපත් ලියන්නා කවුද?

තමාට ලැබෙන මුදල කීයද?

වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ” කියලත්, අනුරධා හරි අපූරුවට තමයි කියන්නේ නම්. “ඉතින් එදාට වඩා අද වෙද්දී නම් කලා ක්ෂේත්‍රයට එන්නට තරුණ තරුණියන්ට බොහෝ අවස්ථාවන් තිබෙනවා කියලත්,

එහෙම එන ගොඩාක් නවක කට්ටිය රංගනය ගැන නිසි අධ්‍යාපනයක් නැතිව රංගනයට හානියක් නරවා කියලත්, ඒ කොහොම වුණත් ඒ අතර දක්ෂතාවයන් පිරි අයත් නැතුවාම නෙවෙයි” කියලත්, තමයි අනුරාධා කියන්නේ.

ඔන්න ඉතින් අද වෙද්දී ගොඩක් පඩිය මත නිර්මාණ තමයිලු බිහි වෙලා තියෙන්නේ. “ඉතින් “අද කලාකරුවා “ඩේ පේමන්ට්” එකක නිකන් දවසේ කුලී කාරයෝ බවට පත්වෙලා” කියලා හරිි අපූරුවට කියන අනුරාධා කියනවා ඇය නම් ඒකට කැමති නෑ“ කියලා.

 

Back to top button