අදත් මහනුවර සෙලවෙයි

මහනුවර, දිගන ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් අද (2) උදෑසන ද සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මෙම සෙලවීම අද (02) පෙරවරු 07.06 ට පමණ වාර්තා වී ඇතැයි එම කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
මහනුවර, පල්ලෙකැලේ ස්ථාපිත භූ කම්පන මාපකයේ මෙම භූ කම්පනය පැහැදිලිව සටහන්ව ඇති අතර මහකනදරාඔය හා හක්මන භූ කම්පන මාපකයන්හි ද එය ඉතා සුළුවෙන් සටහන් වී ඇතැයි උදය ද සිල්වා මහතා කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඉකුත් 29 වැනිදා සිදුවූ භූ චලනය සම්බන්ධයන් සෙවීමට එහි ගොස් සිටින නිරීක්ෂණ කණ්ඩායම් අද දිනයේ චලනය සිදුවූ ප්‍රදේශයට ද යොමු කළ බව ඔහු සඳහන් කළේය.
දිගනට ආසන්න අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවලින් අද සිදුවීම වාර්තාවී ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.
කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව උදය ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඩයනා උදයංගනි – ලංකාදීප