Uncategorized

අතුරුදන් සැමියාගේ සිරුර හොරණ රබර් වත්තක

horana-incident

දින කීපයකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුරක් හොරණ, මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක තිබී හමුවූ බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි. මියගොස් ඇත්තේ හොරණ, දඹර, මීවනපලානේ පදිංචි වීරකෝන් ආරච්චිගේ නාමසේන (67) නමැත්තකු බව පොලිසිය පවසයි.

මිල්ලෑව, මඩුගහවත්ත, දඹර ලිපිනයේ පදිංචි පුද්ගලයකු දර කැඩීමට ගිය අවස්ථාවේදී මළ සිරුර දැක තිබූ බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී මියගිය පුද්ගලයාගේ බිරිඳ මළ සිරුර සිය සැමියාගේ බවට හඳුනා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිය සැමියා දින කිහිපයක සිට ආගිය අතක් නොමැතිව සිටි බව එම කාන්තාව වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.  මළ සිරුර රබර් වත්තේ උඩුබැලි අතට වැටී තිබූ අතර මළ සිරුරෙහි ස්ථාන කිහිපයක් සතූන් විසින් කා දමා තිබිණි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

The post අතුරුදන් සැමියාගේ සිරුර හොරණ රබර් වත්තක appeared first on Lanka Gossip Sochi Sinhala.


Source link

Back to top button