දේශීය පුවත්
අණ නොතැකු පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

මොරටුව, ලුනාව ප්රදේශයේ 39 හැවිරිදි අයෙක් පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.
වෙඩි තැබීමත් සමඟ ප්රදේශයේ යම් නොසුන්කාරී තත්වයක් ඇතිව ඇති අතර මේ වන විට ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගෙන ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා පොලිස් මුරපොලක දී සිය ත්රීරෝද රථය නැවැත්වීමට ලැබුණු අණ නොතැකූ හේතුවෙන් ඔහුට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.