දේශීය පුවත්
අඩු මිලට වතුර දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා – වාසු

වත්මන් ආණ්ඩුව අඩු මිලට ජලය ලබා දෙන නිසා පාරිභෝගිකයන් තම අවශ්‍යතාවයට වඩා ජලය භාවිතා කරන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අපතේ යන ජලය පිරිපහදු කර ගෙවතු කටයුතු සදහා භාවිතා කිරීමට ඉදිරියේදි නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.