ගොසිප් පුවත්
අක්මීමණ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 18ක් අත්අඩංගුවට

ෆේස්බුක් ඔස්සේ සංවිධාන කල සාදයකට සහභාගී වූ තරුණ තරුණියන් 18 දෙනෙකු මත්ද්‍රව්‍යයද සමග අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ තරුණියන් දෙදෙනෙකු ද මේ අතර වන බවයි.
මොවුන් සතුව තිබී වර්ග කිහිපයක මත්ද්‍රව්‍යය ද සිය භාරයට ගත් බවයි අක්මීමන පොලිසිය සඳහන් කලේ.
අදාළ තරුණ තරුණියන් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.