අංගොඩ ලොක්ක ප්ලාස්ටික් සැත්කමක් සිදු කරගෙන ඇති බව හෙළි වෙයි

ඉන්දියාවේදී මිය ගිය බව පැවසෙන අංගොඩ ලොක්කා හෙවත් මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නමැත්තාගේ ආදාහනය කරන ලද සිරුරේ කොටස් ඩී එන් ඒ පරීක්ෂණ සඳහා යවා තිබේ.
එම වාර්තා දින 04 කින් ලැබීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේ.

ප්‍රදීප් සිං යන නාමයෙන් ඉන්දියාවේදී පෙනී සිට ඇති බව කියන අංගොඩ ලොක්කා නමැත්තා පසුගිය ජූලි තුන්වැනිදා කොයිම්බතූර් නගරයේදී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වුණා.
පසුගිය ජනවාරි මාසයේදී ඔහුට ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇති බවද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවේ.
ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානයේ නිලධාරීන් පිරිසක් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ අංශය සමග අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයකින් විමර්ශන ක්‍රියාත්මක වේ.
ඉන්දියාවේදී සිටි කාලයේදී ඔහු විසින් එල් ටී ටී ඊ හිතවාදීන් සමග සබඳතා පවත්වා ඇතැයි අනාවරණ විම ඊට ප්‍රධාන හේතුවක්.
අංගොඩ ලොක්කා මියගොස් ඇති බව කියන සිද්ධියට අදාළව මේ වනවිට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.