අංගොඩ ලොක්කා මියගියේ හෘදයාබාධයකින් බව මරණ පරීක්ෂණය හෙළිකරයි
The postmortem examination reveals that the Angoda boss died of a heart attack

මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකට ගොදුරුවීමෙන් පසුව බව ඉන්දීය විමර්ශන නිළධාරින් විසින් තහවුරු කරගෙන තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුලු පරීක්ෂණ කිහිපයකදී එය තහවුරු වී ඇති බවයි ඉන්දීය බළධාරීන් සඳහන් කලේ.

කිසියම් විෂ වර්ගයක් ශරීරගතවීමෙන් කොයිම්බතූර් නගරයේදී අංගොඩ ලොක්කා මියගොස් ඇති බවටයි සැක පළවී තිබුණේ.
එහෙත් එවැනි කිසිදු සැකසහිත කරුණක් අනාවරණ නොවන බව ඉන්දීය විමර්ශන අංශ උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.
අංගොඩ ලොක්කා ඉන්දියාවේ වාසය කර තිබුණේ ප්‍රදීප් සිං යන අන්වර්ථ නාමය භාවිත කරමිනුයි.
පසුගිය ජූලි 03 වනදා රාත්‍රියේ ඔහු රෝගාතුර වී ඇති අතර ඔහු සමග සිටි කාන්තාවක විසින් රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.
මියගිය අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු පසුගිය ජූලි 05 වනදා මදුරෙයි නගරයේදී සිදුකර ඇති බව සඳහන්.
මේ අතර අංගොඩ ලොක්කා විසින් භාවිත කල පිස්තෝලයක් අතුරුදන්ව ඇති අතර එය රැගෙන ගිය පුද්ගලයා සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි ඉන්දීය බළධාරින් කියාසිටියේ.