දේශීය පුවත්

අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට හඳුනාගෙන ඇති අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධවලට සම්බන්ධ බවට සැකකරන චමින්ද සඳමාල් හෙවත් චමියා නමින් හඳුන්වන සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශණයක් සඳහා ගම්පහ ප්‍රදේශයට රැගෙන එමින් සිටියදී මෙම සැකකරු පොලිස් නිළධාරියෙකු සතු ගිණිඅවිය උදුරාගැනීමට තැත් කර ඇති අතර එහිදී නිළදාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බව පොලිසිය සඳහන් කළේය.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මෙම සැකකරු ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මොහු අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ සඳහා වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published.

Back to top button